චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය 2025 පළමු භාගය සඳහා දේශීය සංචාරක දත්ත(1) නිකුත් කළේය.
එහි අදාළ සංඛ්‍යාලේඛනයන්ට අනුව, 2025 පළමු භාගයේ චීනය තුළ සංචාරය කළ පුද්ගල වාර ගණන කෝටි 328.5කි. එම ප්‍රමාණය 2024 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 20.6%කින් වැඩි වී ඇත. එසේම, නාගරික ප්‍රදේශවල සංචාරය කළ පුද්ගල වාර ගණන කෝටි 245.2ක් වූ අතර එය 17.5%ක වැඩිවීමකි. ග්‍රාමීය ප්‍රදේශවල සංචාරකයන්ගේ වාර ගණන කෝටි 83.3ක් වූ අතර එය 30.6% කින් වර්ධනය විය.
මේ අතර, 2025 මුල් භාගයේදී, චීනය තුළ සංචාර සඳහා පුද්ගලයන් යුවාන් ට්‍රිලියන 3.15 ක් වියදම් කර ඇති අතර එය 2024 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 15.2% ක වැඩිවීමකි.
