2025 මුල් භාගයේ දී නිදහස් වීසා මඟින් චීනයට පැමිණි විදේශිකයන්ගේ වැඩිවීමක්

2025 මුල් භාගයේ දී නිදහස් වීසා මඟින් චීනයට පැමිණි විදේශිකයන්ගේ වැඩිවීමක්

චීනයේ නිදහස් වීසා ප්‍රතිපත්තියට අනුව මෙම වසරේ මුල් භාගයේ දී විදේශිකයන් මිලියන 13.64 ක් වීසා නොමැතිව චීනයට පැමිණ ඇති බව චීන ජාතික ආගමන පරිපාලනය පවසයි. එය පසුගිය කාලසීමාවට වඩා 53.9% ක වැඩිවීමක් බව එහි නවතම දත්ත වාර්තාවන් හි දැක් වේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී, චීන ජාතික ආගමන පරිපාලනය චීනය හරහා තෙවැනි ගමනාන්තයකට යාමට බලපාන වීසා රහිත ප්‍රතිපත්තිය පුළුල් ලෙස ප්‍රශස්ත කර තිබේ. ඒ අනුව විදේශිකයන්ට චීනයේ රැඳී සිටිය හැකි කාලය දින 10 දක්වා දීර්ඝ කිරීමත් සමඟ, එම ප්‍රතිපත්තිය අදාළ වන චීනයේ පළාත් ගණන 24 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය විදේශීය සංචාරකයන්ගේ සංචාරක අවශ්‍යතා වඩා හොඳින් සපුරාලනු ඇත.

මේ වසරේ ජූලි 17 වන දින වන විට, චීනය රටවල් 29 ක් සමඟ අන්‍යෝන්‍ය හා සම්පූර්ණ වීසා නිදහස් කිරීම ලබාගෙන තිබේ. එසේම චීනය ඒකපාර්ශ්විකව නිදහස් වීසා පහසුකම් ලබා දෙන රටවල් සංඛ්‍යාව 46 දක්වා පුළුල් කොට තිබේ. වීසා රහිත “මිතුරන්ගේ කවය” ද ඒ සමඟම අඛණ්ඩව පුළුල් වෙමින් පවතී.

වීසා-නිදහස් ප්‍රතිපත්තිය මගින් ගෙන එන මෙම පහසුව, සංස්කෘතික ක්‍රියාකාරකම්, ක්‍රීඩා ඉසව් සහ ව්‍යාපාරික සහයෝගීතාවයේ වර්ධනයට සෘජුවම දායක වී ඇත. මෙම විවිධ අංශ අන්‍යෝන්‍ය ලෙස ප්‍රවර්ධනය කරමින් මනා ප්‍රතිඵල ලබා ගෙන තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *