2025 බෝ ආඕ ව්‍යවසායක සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන සාකච්ඡාව ඊයේ(4) දකුණු චීනයේ Hainan පළාතේ බෝ ආඕ හිදී පැවැත්විණ. “ගෝලීය සම්බඳතා අනාගතය උදෙසා චීනයේ‘15 වන පස් අවුරුදු සැලැස්ම’කාලයේ නව අවස්ථා උදා වීම” යන මැයෙන් එය පැවැත්විණ.
චීනයේ Hainan නිදහස් වෙළඳ වරාය Hainan පළාත ආවරණය වන පරිදි නිදහස් රේගු මෙහෙයුමක් නුදුරු කාලයේදී ආරම්භ කිරීමට නියමිතය. එම ඓතිහාසික අවස්ථාවේදී ව්‍යවසායන් සැබෑ ආර්ථිකය කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු බව චීන Xinhua පුවත් සේවයේ අධ්‍යක්ෂ ජනරාල් Fu Hua මහතා මෙම සාකච්ඡා මණ්ඩපයේදී දේශනයක් සිදු කරමින් ප්‍රකාශ කළේය. නවෝත්පාදනය මගින් සංවර්ධනය පෙළඹවීම ස්ථිර ලෙස අනුගමනය කරමින් හරිත පරිවර්තනය කඩිනම් කළ යුතු ය. එමෙන්ම වඩාත් වැඩි පුළුල් පරිසරයන් තුළ සම්පත් ඒකාබද්ධ කරමින් වෙළඳපොළ ව්‍යාප්පත කර චීන ලක්ෂණ සහිත සමාජවාදය ගොඩනගන්නන් සහ චීන මාදිලියේ නවීකරණයේ දායකයෙකු ලෙස කටයුතු කළ යුතු බවද හෙතෙම පැවසීය.
එළඹෙන 18 වැනිදා සිට චීනයේ Hainan පළාතේ නිදහස් වෙළඳ වරාය කලාපයේ රේගු මෙහෙයුම නිල වශයෙන් ක්‍රියාත්මක වනු ඇත. Hainan පළාතේ අයෝජනය කරන ව්‍යවසායකයින්ට විශ්වාසයෙන් යුතුව ආයෝජනය කිරීම, සුවපහසු ලෙස ජීවත් වීම සඳහා සුපිරි වාණිජ පරිසරයක් නිර්මාණය කරමින් ඒ ඒ සහතික සේවාවන් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයිද Hainan පළාතේ චීන කොමියුනිස්ට් පක්ෂ කමිටු ලේකම් Feng Fei මහතා එහිදී දේශනයක් කරමින් පවසා ඇත.
