“2025 දී ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුවේ සංඛ්‍යාලේඛන වාර්තාව” චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය අද(28) නිකුත් කළේය.
වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 140 ක් ඉක්මවා ගොස් ඇති අතර එය පෙර වසරට වඩා 5.0% ක වැඩිවීමක් පෙන්නුම් කරන බව එම ප්‍රකාශය සඳහන් කරයි.
2025 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය යුවාන් 99,665 ක් වූ අතර එය පෙර වසරට වඩා 5.1% ක වැඩිවීමකි. එමෙන් ම දළ ජාතික ආදායම යුවාන් බිලියන 139,370 ක් වූ අතර එය පෙර වසරට වඩා 5.1% ක වැඩිවීමක් වාර්තා කර ඇත. එම වසරේ සමස්ත ශ්‍රම ඵලදායිතාව එක් පුද්ගලයෙකුට යුවාන් 184,413 කි. එය පෙර වසරට වඩා 6.1% ක වර්ධනයක් පෙන්නුම් කරන බව ද එම ප්‍රකාශයේ සඳහන් වේ.
