චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 4වැනි සැසිවාරයේ මාධ්‍ය හමුවක් අද (3) පස්වරුවේ පැවැත්විණ. එම සැසිවාරයේ ප්‍රකාශක Liu Jieyi මහතා, සැසිවාරයේ අදාළ තත්ත්වය පිළිබඳව දේශීය හා විදේශීය මාධ්‍යවලට හඳුන්වා දුන් අතර වාර්තාකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීය.
පසුගිය වසරේ පැවති නොසන්සුන්කාරී බාහිර පරිසරය මධ්‍යයේ වුවද, චීන ආර්ථිකය ක්‍රියාශීලීව සංවර්ධනය වන බවත්, එයින් චීන ආර්ථිකයේ ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව සහ ජීව ශක්තිය පෙන්නුම් කෙරුණු බවත් Liu Jieyi මහතා පැහැදිලි කළේ ය. චීනයේ මුළු ආර්ථික නිමැවුම යුවාන් ට්‍රිලියන 140 ඉක්මවා ගොස් ඇති අතර, වර්ධන වේගය ගෝලීය ප්‍රධාන ආර්ථිකයන් අතර ඉහළින්ම ශ්‍රේණිගත වී තිබේ. විද්‍යාව හා තාක්ෂණය සහ කර්මාන්ත ගැඹුරින් ඒකාබද්ධ වී ඇති අතර බොහෝ නව්‍ය ජයග්‍රහණ අත්කර ගෙන ඇත. එමගින් නව ගුණාත්මක ඵලදායිතාව සමෘද්ධිමත් වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
