2025 ගෝලීය සේවා වෙළඳ සමුළුව (10) චීනයේ බෙයිජිං හිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික, උප අගමැති Ding Xuexiang මහතා එම සමුළුවට සහභාගී වී ප්‍රධාන දේශනයක් පැවැත්වීය.
සේවා වෙළඳාමේ විවෘත සහයෝගීතාව ගැඹුරු කිරීමට සහ ජාත්‍යන්තර වෙළඳාම සහ ලෝක ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනය සියලු රටවල් සහ පාර්ශ්වයන් සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව Ding Xuexiang මහතා එහිදී පැවසීය. එමෙන්ම ඔහු යෝජනා තුනක් මෙහිදී ඉදිරිපත් කළ අතර, පළමුවැන්න නම් ඉහළ මට්ටමේ විවෘතභාවයට අනුගත වීම සහ සේවා වෙළඳාම සංවර්ධනය සඳහා යහපත් පරිසරයක් නිර්මාණය කිරීමයි. දෙවැන්න සර්ව සම්පූර්ණ නවෝත්පාදනයට අනුගත වීම සහ සේවා වෙළඳාම සංවර්ධනය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම ප්‍රවර්ධනය කිරීමයි. තෙවැන්න, අන්‍යෝන්‍ය යහපත සහ පොදු ජයග්‍රහණ පිළිපැදීම හා සේවා වෙළඳාමේ අන්‍යෝන්‍ය සහයෝගීතාවය තුළින් පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමයි.
