“චීනයේ ද්වි-මාර්ග ආයෝජන වාර්තාව 2025” නිකුත් කෙරේ. චීනයේ Fujian පළාතේ Xiamen නගරයේ පැවැත්වන 25 වන චීන ජාත්‍යන්තර ආයෝජන සහ වෙළඳ ප්‍රදර්ශනය අතරතුර මෙම වාර්තාව නිකුත් කෙරිණ.
2024 වසරේ දී චීනයේ ද්වි-මාර්ග ආයෝජනයන් හි ගුණාත්මකභාවය ක්‍රමික දියුණුවක් ලබමින් තිබෙන බව එම වාර්තාව පෙන්වා දෙයි. ලොව තුන්වන විශාලතම විදේශ ආයෝජන ලබන්නා ලෙස, චීනයේ බාහිර සෘජු ආයෝජන ප්‍රමාණය සහ සමස්ත ආයෝජන එකතුව අඛණ්ඩව වසර ගණනාවක් පුරා ලොව වැඩිම විදේශ ආයෝජන හිමි රාජ්‍යයන් තුන අතරට පැමිණ තිබේ.
වඩාත් සංකීර්ණ වූ ජාත්‍යන්තර පරිසරයක් හමුවේ, චීනය සිය විවෘතභාවය පුළුල් කිරීමට සහ විදේශ ආයෝජන ස්ථාවර කිරීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාකාරීව ක්‍රියාත්මක කිරීමට අවධාරණය කරන බව එම වාර්තාව පෙන්වා දෙයි. ඒ සමඟම, චීනය ආයෝජන ලිහිල්කරණය සහ පහසුකම් සැපයීමේ මට්ටම වැඩිදියුණු කර ඇති අතර, ගෝලීය දේශසීමා ආයෝජන සඳහා ගම්‍යතාව සහ ස්ථාවරත්වය ද ශක්තිමත් කර ඇත.
2024 වසරේදී ගෝලීය දේශසීමා ආයෝජන මන්දගාමී වූ නමුත් ඩිජිටල් තාක්ෂණය අඛණ්ඩව නව ප්‍රගතියක් ලබා ඇති බැවින්, ඩිජිටල් ක්ෂේත්‍රයේ ආයෝජනය, එහි වර්ධනය හා පරිවර්තනය සඳහා වැදගත් එන්ජිමක් බවට පත්වෙමින් තිබෙන බව ද වාර්තාව පෙන්වා දෙයි.
