2024 ජනාධිපතිවරණය: ඇප මුදල් භාරගැනීම අවසන් 

2024 ජනාධිපතිවරණය: ඇප මුදල් භාරගැනීම අවසන් 

2024 ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාර ගැනීමේ කටයුතු අද (14) දහවල් අවසන් වුණි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු ජුලි මස 26වන දින ආරම්භ වු අතර එය මධ්‍යාහ්න 12ට අවසන් කෙරුණි.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ දින මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කළේය.

එම කොමිසම නිවේදනය කර ඇත්තේ සැප්තැම්බර් 4, 5 ,6 යන තෙදින තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා පහසුකම් සලසන බවයි.

සැප්තැම්බර් 4 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ ලේකම් කාර්යාල සහ පොලීයේ සේවයේ නියුතු අය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට පහසුකම් සැපයෙයි.

සලකුණු නොකර ලද තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම සඳහා නැවත සැප්තැම්බර් 11 සහ 12 යන දිනයන්හි අවස්ථාව ලබාදෙන බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව ගතවු පැය 24 තුළ පැමිණිලි 42ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ නීතිරීති උල්ලාංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 37ක් සහ වෙනත් පැමිණිලි 05ක් ඒ අතර විය.

එහිදී ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 20ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වලට පැමිණිලි 22ක් ලැබී ඇති බව සඳහන්ය.

ජුලි මස 31 වනදා සිට ඊයේ පස්වරුව දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 408ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *