2024 ගෝලීය පැන්ඩා හවුල්කාර සම්මේලනය චීනයේ දී ඇරඹේ

2024 ගෝලීය පැන්ඩා හවුල්කාර සම්මේලනය චීනයේ දී ඇරඹේ

2024 ගෝලීය පැන්ඩා හවුල්කාර සම්මේලනය ඇරඹේ. ‘ මානවයා හා සොබාදහම අතර සුසංයෝගාත්මක සහජීවනය’යන තේමාව යටතේ එම සම්මේලනය ඊයේ (26) චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේ දී ඇරඹිණ.

සමාරම්භක උළෙලේ දී ‘සුන්දර චීනයේ ‘හරිත රහස් කේතය’ ලෝකයට පසක් කර දීම – ෂී ජින්පිං ජෛව ශිෂ්ටාචාර දැක්ම පිළිබඳ චීනයේ අත්දැකීම් හා ජාත්‍යන්තර දායකත්වය’ යන බුද්ධි මණ්ඩල වාර්තාව චීන භාෂාවෙන් හා ඉංග්‍රිසි භාෂාවෙන් නිකුත් කෙරිණ. මෙම වාර්තාව, චීනයේ Xinhua ප්‍රවෘත්ති ඒජන්සියේ ජාතික උසස් මට්ටමේ බුද්ධි මණ්ඩලය හා ෂී ජින්පිං ජෛව ශිෂ්ටාචාර දැක්ම පිළිබඳ පර්යේෂණායතනය විසින් රචනා කරන ලද්දකි. ජෛව ශිෂ්ටාචාරය, පැන්ඩා සංස්කෘතිය, දෙස් විදෙස් සංස්කෘතික හා සංචාරක කර්මාන්තය ඇතුළු තේමා යටතේ ජෛව, පරිසර හිතකාමී සංවර්ධනය එහිදී පුළුල් සකාච්ඡාවලට ලක් කෙරිණ.

ෂී ජින්පිං ගේ ජෛව ශිෂ්ටාචාර චින්තනය මත යෝධ පැන්ඩා සංරක්ෂණය අතින් චීනය දැවැන්ත ජයග්‍රහණ ලබා ඇති බව සම්මේලනයට එක්වසිටි විවිධ විද්වතුන්ගේ පොදු අදහස වී ඇත. මෙවර සම්මේලනය අවස්ථාවක් කර ගනිමින්ජෛව සංරක්ෂණ, හරිත හා අඩු කාබන් සංවර්ධන, අදහස් හුවමාරු තහවුරු කිරීමෙන් සහජීවනයක් සහිත පෘථිවි ප්‍රජාවක් ගොඩනැංවීමට ගාමක බලයක් ලබා දීමට සූදානම් බව ද විවිධ පාර්ශ්ව සඳහන් කර තිබේ

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *