2024“එක් තීරයක් එක් මාවතක්”මාධ්‍ය සහයෝගිතා සංසදය චෙන්දු නගර‍යේ දී

2024“එක් තීරයක් එක් මාවතක්”මාධ්‍ය සහයෝගිතා සංසදය චෙන්දු නගර‍යේ දී

2024“එක් තීරයක් එක් මාවතක්”මාධ්‍ය සහයෝගිතා සංසදය පැවැත්වේ. එම සංසදය ඊයේ(28) චීනයේ සිචුවාන් පළාතේ චෙන්දු නගරයේ දී ආරම්භ විය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක කාර්යාංශයේ ප්‍රධානී Li Shulei මහතා සමාරම්භක උත්සවයට සහභාගී වී දේශනයක් පැවැත්වීය.

මාධ්‍ය යනු සංවර්ධන ප්‍රතිඵල ප්‍රදර්ශනය කිරීමේ කවුළුවක් වන අතර ප්‍රායෝගික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ සබැඳියකි. මාධ්‍යයන්, විවිධ පාර්ශ්ව අතර ජයග්‍රාහී සහයෝගීතාව පිළිබඳ තොරතුරු ඉදිරිපත්  කළ යුතු අතර, “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමේ විචිත්‍රවත් භාවිතය සහ ලෝකයට එහි ධනාත්මක දායකත්වය පුළුල් ලෙස වාර්තා කළ යුතු බව සංසදයට සහභාගිවූවන් පවසා ඇත.

මෙම සංසදයේ තේමාව වන්නේ “මාධ්‍ය සහයෝගීතාව පුළුල් කොට පොදුවේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම” යන්නයි. රටවල් 76 ක මාධ්‍ය ආයතන 191 ක ප්‍රධානීන්, වාර්තාකරුවන්, විශේෂඥයෝ හා විද්වතුන් 200 කට වැඩි පිරිසක් මෙම සංසදයට එක්ව සිටියහ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *