14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයේ සමාප්ති රැස්වීමේදී තීරණ කෙටුම්පත් රැසක් සම්මත කෙරේ.
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයේ සමාප්ති රැස්වීම අද (11) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. එහිදී චීන රාජ්‍ය කාරක වාර්තාව , චීන මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය සාධන වාර්තාව, චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සාධන වාර්තාව, චීන උත්තරීතර මහජන නීති නියාමනායතනයේ කාර්ය සාධන වාර්තාව පිළිබඳ තීරණ කෙටුම්පත් ඡන්ද විමසීමෙන් සම්මත කෙරිණ.
ඒ අතර , 2024 වසරේ චීන මධ්‍යම රජයේ හා ප්‍රාදේශීය රජයන් ක්‍රියාවට නංවන අයවැය සහ 2025 වසරේ මධ්‍යම රජයේ හා ප්‍රාදේශීය රජයන්හි අයවැය පිළිබඳ තීරණ කෙටුම්පත , 2024 වසරේ චීන ආර්ථික හා සමාජීය සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය සහ 2025 වසරේ චීන ආර්ථික හා සමාජීය සංවර්ධන සැලසුම් පිළිබඳ තීරණ කෙටුම්පත එහිදී සම්මත කරනු ලැබිණ.
එසේ ම චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ සහ ප්‍රාදේශීය මහජන කොංග්‍රසයන්හි මහජන නියෝජිතයන් පිළිබඳ නීති සංශෝධන කෙටුම්පත ද එම රැස්වීමේදී සම්මත කෙරිණ.