චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වන ජාතික කමිටුවේ සිව්වන සැසියට එක් වන එහි ජාතික කමිටුවේ සාමාජිකයන්ගේ දෙවන මාධ්‍ය හමුව අද (7) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. ජාතික කමිටු සාමාජිකයෙකු සහ හිටපු විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය Wang Zhigang මහතා වාර්තාකරුවන් සමග සම්මුඛ සාකච්ඡාවට එක්විය.
14 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ චීනය විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනයන්හි කැපී පෙනෙන ජයග්‍රහණ විශාල සංඛ්‍යාවක් ලබා ඇති බව Wang Zhigang මහතා හඳුන්වා දුන්නේ ය. එම කාලය තුළ චීනයේ අධිවේගී දුම්රිය පැයට කිලෝමීටර 450ක උපරිම වේගයකට ළඟා වන අතර එයින් වඩාත් පහසු සහ වේගවත් ගමනක් ලබා දෙනු ඇත. කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ Embodied බුද්ධි(සංජානනමය සහ ප්‍රතිචාරමය හැකියාව සහිත) තාක්ෂණය සහ බහුවිධ AI සහායකයා යන තාක්ෂණයන් සැලකිය යුතු ලෙස දියුණු වී තිබේ. ක්වොන්ටම් සන්නිවේදනය, ක්වොන්ටම් පරිගණකය සහ ක්වොන්ටම් මිනුම් යන ක්ෂේත්‍රවල චීනය නව ප්‍රතිඵල මාලාවක් අත්කර ගෙන ඇති බව ද ඔහු සඳහන් කර ඇත.
