14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 21 වන රැස්වීම අවසන් වෙයි

14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 21 වන රැස්වීම අවසන් වෙයි

14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 21 වන රැස්වීම ඊයේ (26) බෙයිජිං මහජන මහා ශාලාවේදී අවසන් විය.

මෙහිදී එක් තනතුරක වෙනසක් සිදු කිරීමට අදාළව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අංක 69 දරන ජනාධිපති නියෝගයට අත්සන් තැබීම ද සිදු විය. මෙම රැස්වීමේ මුලසුන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා විසින් හොබවනු ලැබීය.

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව එම රැස්වීමේදී මූලික වශයෙන් සම්මත කරන ලදී. අනතුරුව ස්ථාවර කමිටුව වෙනුවෙන් 14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය සඳහා අදාළ කාර්ය වාර්තාව ඉදිරිපත් කිරීමේ කාර්යය ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා වෙත පවරා දෙන ලෙසට යෝජනා කෙරිණ.

එමෙන්ම, 14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය සඳහා න්‍යාය පත්‍රය ඇතුළු කෙටුම්පත්‍ සම්මත කිරීම ද මෙහිදී සිදු විය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *