14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන සැසිවාරයේ සමාප්ති උළෙලේදී තීරණ යෝජනා හා සැලසුම් රැසකට අනුමැතිය

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන සැසිවාරයේ සමාප්ති උළෙලේදී තීරණ යෝජනා හා සැලසුම් රැසකට අනුමැතිය

අද (11) පස්වරු 3ට බෙයිජිංහි මහජන මහා ශාලාවේදී 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන සැසිවාරයේ සමාප්ති උළෙල ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා ඇතුළු පක්ෂයේ හා රජයේ නායකයෝ එම අවස්ථාවට එක්ව සිටියහ.

රාජ්‍ය කාර්ය වාර්තාව පිළිබඳ තීරණ යෝජනාව, රාජ්‍ය මණ්ඩලයේ සංවිධාන නීතිය පිළිබඳ නව සංශෝධනය, 2023 වසරේ ජාතික ආර්ථීක හා සමාජීය සංවර්ධනයේ සැලසුම ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය හා 2024 වසරේ එම සැලසුම පිළිබඳ තීරණ යෝජනා එහිදී සම්මත කෙරිණ. එමෙන්ම 2024 වසරේ  ජාතික ආර්ථීක හා සමාජීය සංවර්ධන සැලසුම ද සම්මත විය. 

ඊට අමතරව, 2023 වසරේ චීන මධ්‍යම රජය හා ප්‍රාදේශීය රජයන් අයවැය ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය හා 2024 වසරේ මධ්‍යම රජයේ හා ප්‍රාදේශීය අයවැය පිළිබඳ තීරණ යෝජනාව මෙන්ම 2024 වසරේ මධ්‍යම රජයේ අයවැය ද සම්මත කර ඇත.

එමෙන්ම චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව, මහජන ශ්‍රේෂ්ඨාධිකරණය, ඉහළ පැමිණිලි සැපයුම් මණ්ඩලය යන ආයතනවල කාර්ය වාර්තා සම්බන්ධ තීරණ යෝජනා ද 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන සැසිවාරයේ සමාප්ති උළෙලේ දී සම්මත කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *