136 වැනි චීන ආයනය හා අපනයන ප්‍රදර්ශනය ඇරඹේ

136 වැනි චීන ආයනය හා අපනයන ප්‍රදර්ශනය ඇරඹේ

136 වැනි චීන ආයනය හා අපනයන ප්‍රදර්ශනය ඇරඹේ. චීනයේ Guangdong පළාතේ Guangzhou නගරයේ දී  ඊයේ(15) ඇරඹි එම ප්‍රදර්ශනය නොවැම්බර් 4 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත ව තිබේ. ප්‍රදර්ශන පරිමාණය, නව නිපැයුම් සංඛ්‍යාව හා ඒවා එළි දැක්වීමේ ක්‍රියාකාරකම් සංඛ්‍යාව ද පසුගිය ප්‍රදර්ශනයේ පැවති ප්‍රමාණයට  වඩා කැපී පෙනෙන අයුරින් වර්ධනය වීම ද විශේෂත්වයකි.

ප්‍රදර්ශන වපසරිය වර්ග මීටර් 15 ලක්ෂ 55 දහසකි. ඊට එක්ව සිටින ව්‍යවසායන් සංඛ්‍යාව 30 දහසකට අධික ය. ඒ අතරින්, පළමු වරට ප්‍රදර්ශනයට එක්ව සිටින ව්‍යවසායන් සංඛ්‍යාව 4600කි. නව බලශක්ති, ඩිජිටල් තාක්ෂණ, බුද්ධිමය නිෂ්පාදන හා සම්බන්ධ ව්‍යවසායන් ඊට ඇතුළත් ය.

එමෙන් ම, නව නිපැයුම් 11 ලක්ෂ 50 දහසක් එහිදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත. ඩිජිටල්කරණ නිෂ්පාදන සංඛ්‍යාව පසුගිය ප්‍රදර්ශනයේ පැවති සංඛ්‍යාවට වඩා 3 ගුණකින් වර්ධනය වී ඇති අතර, ඒවා අන්තර්ජාතික ගැනුම්කරුවන්ගේ ඉහළ අවධානය දිනා ගෙන ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *