12 වන ලෝක ක්‍රීඩා උළෙල නිමාවට පත් වේ. සමාප්ති උත්සවය (17) රාත්‍රියේ චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේදී පැවැත්විණ.
12 වන ලෝක ක්‍රීඩා උළෙල පසුගිය (7) සිට 17වැනිදා දක්වා පැවැත්විණ. ලෝක ක්‍රීඩා උළෙල යනු ඔලිම්පික් නොවන ඉසව් සඳහා වන,ඉහළම මට්ටමේ ජාත්‍යන්තර තරඟාවලියයි. එමෙන්ම චීන මහ ගොඩබිම ලෝක ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්වූ පළමු අවස්ථාව ද මෙයයි. මෙවර ලෝක ක්‍රීඩා උළෙලේ දී තරඟ කාණ්ඩ 34ක් යටතේ ඉසව් 256ක් පැවැත්විණ.
චීන නියෝජිත කණ්ඩායම ප්‍රථම වරට තරඟ කාණ්ඩ 12කට සහභාගී වූ අතර, මෘදු හොකී, කවපෙත්ත විසි කීරීම සහ මෝටර් බෝට්ටු යන තරඟ ඊට ඇතුළත් විය.

