10 වන එළිමහන් සිනමා දැක්ම (18) කාම්බෝජයේ ලෝක සංස්කෘතික උරුම අඩවියක් වන Angkor Thom ඉදිරිපිට ක්‍රීඩාගනයේ දී පැවැත්විණ. මෙම සිනමා දැක්ම චීන මාධ්‍ය සමූහය සහ කාම්බෝජ සංස්කෘතික හා කලා අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලදී. කාම්බෝජ සංස්කෘතික හා කලා අමාත්‍යාංශයේ ස්ථිර රාජ්‍ය ලේකම් ඇතුළු ආරාධිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.
“එළිමහන් සිනමා දැක්ම” යනු චීන මාධ්‍ය සමූහය සහ කාම්බෝජ සංස්කෘතික හා කලා අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද චීනය සහ කාම්බෝජය අතර වැදගත් සංස්කෘතික හුවමාරු සන්නාම ව්‍යාපෘතියකි. එය 2016 වසරේදී ආරම්භ කළ දින සිට අඛණ්ඩව වසර දහයක් පවත්වා ඇත. චීන-කාම්බෝජ චිත්‍රපට ප්‍රදර්ශන කණ්ඩායම් කාම්බෝජයේ පළාත් සහ නගර 25 කට පැමිණ, කාම්බෝජ ජනතාව වෙනුවෙන් “Crossing the Yalu River” සහ “Xuan Zang” ඇතුළු චිත්‍රපට 300 කට අධික ප්‍රමාණයක් නොමිලේ ප්‍රදර්ශනය කොට තිබේ.