චීන මධ්‍යම රජයේ හොංකොං හි ආයතනවල සහ හොංකොං විශේෂ පරිපාලන කලාප රජයේ නිලධාරීන් හය දෙනෙකුට එරෙහිව, ඇමරිකාව මෑතකදී නීති විරෝධී ලෙස ඒකපාර්ශ්වික සම්බාධක පැනවීය.
මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා (21) පැවති මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ, ඇමරිකාවේ මෙම හැසිරීම චීනයේ අභ්‍යන්තර කටයුතුවලට සහ හොංකොං හි කටයුතුවලට ද බරපතල මැදිහත්වීමක් සිදු කර ඇති බවයි. මෙම නින්දිත හැසිරීම චීනය දැඩි ලෙස හෙළා දකියි. හොංකොං ගැටළු සම්බන්ධයෙන් අනීතිකව හැසිරෙන ඇමරිකානු කොංග්‍රසයේ සාමාජිකයන්, නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන්ට එරෙහිව, සම්බාධක පැනවීමට චීනය තීරණය කරන බව, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේ ය. හොංකොං චීනයට අයත් වන බැවින් ඇමරිකාවට හොංකොං හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් විය නොහැකි බවට ඇමෙරිකාවට අනතුරු අඟවමින් Guo Jiakun මහතා මේ බව අවධාරණය කළේ ය.