සෞදි අරාබිය සහ ඉරානය අතර යහපත් සබඳතාවයට චීනයේ අඛණ්ඩ සහාය

සෞදි අරාබිය සහ ඉරානය අතර යහපත් සබඳතාවයට චීනයේ අඛණ්ඩ සහාය

සෞදි අරාබිය සහ ඉරානය අතර අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි කිරීමේ ප්‍රයත්නයට චීනය සහාය පළ කෙරේ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, සෞදි අරාබිය සහ ඉරානය අතර සබඳතා ගැන වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

සෞදි අරාබිය සහ ඉරානය ඓතිහාසික ප්‍රතිසන්ධානයක් අත්කර ගනිමින් වසරකට වැඩි කාලයක් ඔවුන්ගේ සබඳතා ධනාත්මක ප්‍රගතියක් ලබා ඇති බව Lin Jian මහතා පැවසීය. චීනය මෙය සාදරයෙන් පිළිගන්නා අතර මේ සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ ඉරානය දරන උත්සාහය අගය කරයි. දෙරට අතර මෑත කාලීන යහපත් අන්තර්ක්‍රියා දෙපාර්ශ්වයේ සංහිඳියාවේ ගම්‍යතාව අඛණ්ඩව තහවුරු කර ඇති අතර කලාපීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දී ඇත. සෞදි අරාබිය සහ ඉරානය අතර නව හමුවීම්, අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට මෙන්ම දීර්ඝකාලීනව මිත්‍රත්වය පුළුල් කර ගැනීම වෙනුවෙන් චීනය අඛණ්ඩව සහාය දෙන බව Lin Jian මහතා පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *