සිය ඉගැන්වීමේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට චීනය පියවර ගනී

සිය ඉගැන්වීමේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට චීනය පියවර ගනී

වඩාත් දක්ෂ හා උසස් තත්ත්වයේ වෘත්තිකයන් ගේ වර්ධනය තුළින් සිය ඉගැන්වීමේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට චීනය පියවර ගනී.

අධ්‍යාපනික බලාගාරයක් බවට පත්වීමේ කාර්යයේ ප්‍රධාන කර්තව්‍යයක් ලෙසට එය සැලකේ. ඊට අදාළ මාර්ගෝපදේශ මාලාවක් ඊයේ( 26 ) ප්‍රකාශයට පත් කෙරිණ. වෘත්තීය ඒකීකරණය ශක්තිමත් කිරීම, ගුරු නිපුණතා වර්ධනය,අධ්‍යාපන සම්පත් වෙන් කිරීම ප්‍රශස්තීකරණය,ගුරු අයිතීන් සුරැකීම වැනි කරුණු ඊට අයත් වෙයි. වසර 2035 වන විට ගුරු වෘත්තීය චීනයේ වඩාත් ‍ගෞරවාදරයට පාත්‍රවන සහ ඇගයීමට ලක්වන වෘතීන්ගෙන් එකක් බවට පත්වනු ඇතැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුව සහ රාජ්‍ය මණ්ඩලය නිකුත් කළ මාර්ගෝපදේශයන් හී දැක්වේ.

ගුරුවරුන් සම්බන්ධයෙන් වන අක්‍රමිකතා සහ රෙගුලාසි උල්ලංඝණය කිරීම් සඳහා ශුන්‍ය නොඉවසීමක් අනුගමනය කරන බවද එහි දැක්වේ. අදාළ වැරදිකරුවන් සඳහා විනය සහ නීතිමය පියවරද දැඩි කෙරේ. සාමාන්‍ය පාසල් ගොඩනැංවීම වෙනුවෙන් තවදුරටත් සහාය වන අතර ග්‍රාමීය ගුරුවරුන් වෙනුවෙන් පුහුණු කිරීම් ශක්තිමත් කිරීමට ද පියවර ගැනේ. ගුරුවරුන්ගේ වැටුප් නියමිත වේලාවට ගෙවීම සහතික කෙරෙන අතර අනවශ්‍ය වැඩ ප්‍රමාණයන් අඩු කිරීමට ද ක්‍රියා කෙරේ. විවිධ අපහාස හා අසත්‍ය ප්‍රචාරයන් ගෙන් ගුරුවරුන් ආරක්ෂා කිරීමට ද ක්‍රියා කළ යුතු බව එම මාර්ගෝපදේශ මාලාවේ දක්වා තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *