සිඩ්නි නුවර සිට ඕක්ලන්ඩ් බලා පියාසර කළ ගුවන් යානයක හදිසි තත්ත්වයකින් 50කට තුවාල

සිඩ්නි නුවර සිට ඕක්ලන්ඩ් බලා පියාසර කළ ගුවන් යානයක හදිසි තත්ත්වයකින් 50කට තුවාල

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර බලා පියාසර කරමින් තිබූ චිලී රාජ්‍යයට අයත් ලේටම් ගුවන් සේවයේ ගුවන් යානයක් උඩු ගුවනේදී තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවූ හදිසි තත්ත්වයකින් මගීන් 50 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. එම හදිසි තත්ත්වය හේතුවෙන් ගුවන් යානය දැඩි කම්පනයට හා තිගැස්මට පත්ව සමබරතාව බිඳී ගොස් ඇතැයි ද වාර්තා වේ. ආසන පටි පැලඳ නොසිටි බොහෝ මගීන් සිය අසුන්වලින් පිටතට විසිවී ඇතැයි ද, ඇතැමුන් ගුවන් යානයේ සිවිලිමේ හිස වැදීමෙන් තුවාල ලබා ඇතැයි ද රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *