සැප්තැම්බර් 03 වැනි දා පැවැත්වෙන හමුදා ආචාර පෙළපාළියේ පූර්ව කටයුතු සූදානම් කෙරේ

සැප්තැම්බර් 03 වැනි දා පැවැත්වෙන හමුදා ආචාර පෙළපාළියේ පූර්ව කටයුතු සූදානම් කෙරේ

ජපාන ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද හා ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් එළඹෙන සැප්තැම්බර් 03 වැනි දා පැවැත්වීමට නියමිත චීන හමුදා ආචාර පෙළපාළියේ පූර්ව කටයුතු සූදානම් කෙරේ. ඊට එක්වන හමුදා නිලධාරීන් හා භටයන් ඉහළම අභිමාණයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ හා මහජනතාවගේ පරීක්ෂාවට ලක් වීමට සූදානම් වෙයි.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ අද(20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේ දී අදාළ නිලධාරීහු හමුදා ආචාර පෙළපාළියේ තොරුතුර පිළිබඳව දැනුවත් කරමින් ඒ බව පැවසූහ.

හමුදා ආචාර පෙළපාළියේ දී, යුදමය යාන්ත්‍රෝපකරණ රැසක් ප්‍රථම වරට ප්‍රදර්ශනය කරනු ලැබීම එහි විශේෂත්වයකි. ස්වයං සංවර්ධනයෙන් යුතු, භාවිත කෙරෙමින් ඇති ප්‍රධාන සහ නවාකාරයේ යාන්ත්‍රෝපකරණ, ත්‍රිවිධ හමුදාවේ බලවත් යාන්ත්‍රෝපකරණ, ඩ්‍රෝන සහ ඩ්‍රෝන විරෝධී යාත්ත්‍රෝපකරණ ඊට ඇතුළත් ය. ගුවන් හමුදාව සඳහා අනතුරු ඇඟවීමට අති නවීන ගුවන් යානා ඇතුළු දැනටමත් භාවිත කෙරෙන ප්‍රධාන සටන් ගුවන් යානා හා ඉහළ අවධානයට ලක්වූ ජනප්‍රියත්වයක් හිමි ගුවන් යානා ද එහිදී ප්‍රදර්ශනය කරනු ලැබීම කැපී පෙනෙන්නක් බව ද දැනුවත් කෙරිණ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *