“සාමය-2025” බහුජාතික සමුද්‍ර ඒකාබද්ධ අභ්‍යාසය ඇරඹේ

“සාමය-2025” බහුජාතික සමුද්‍ර ඒකාබද්ධ අභ්‍යාසය ඇරඹේ

පකිස්ථාන නාවික හමුදාව විසින් සංවිධාන කරන ලද “සාමය-2025” බහුජාතික සමුද්‍ර ඒකාබද්ධ අභ්‍යාසය කරච්චි හිදී පසුගිදයා(7) ආරම්භ විය.

චීනය, ඉන්දුනීසියාව, ජපානය, ඉතාලිය, මැලේසියාව සහ ඇමරිකාව ඇතුළු 10කට වැඩි රටවල නෞකා මෙම අභ්‍යාසයට සහභාගි වේ.

මෙම අභ්‍යාසය අදියර දෙකකට සිදු කෙරේ. 7වනදා සිට 9වනදා දක්වා අභ්‍යාසය පිළිබඳ සාකච්ඡා, වෘත්තීය මාතෘකා පිළිබඳ වටමේස සාකච්ඡා, නෞකාවල නිරීක්ෂණ චාරිකා පැවැත්වේ. විවිධ පාර්ශ්වයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීම එහි අරමුණයි. 10වනදා සිට 11 වනදා දක්වා සමුද්‍රීය අභ්‍යාස සහ ජාත්‍යන්තර නෞකා උත්තමාචාරය පැවැත්වේ. සමුද්‍රීය ආරක්ෂණ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා සමුද්‍රීය සැපයුම, ඒකාබද්ධ මුහුදු කොල්ලකෑම්වලට විරුද්ධ වීම, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම්, ගුවන් ආරක්ෂක අභ්‍යාස ඇතුළු අභ්‍යාස පැවැත්වීමට නියමිතව ඇත. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *