ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් 6ක් සඳහා චීනයෙන් වීසා රහිත පහසුකම්

ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් 6ක් සඳහා චීනයෙන් වීසා රහිත පහසුකම්

අද(14) සිට, ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, හංගේරියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම සහ ලක්සම්බර්ග් යන රටවල් 6යේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා, චීනය වීසා නිදහස් කිරීම අත්හදා බැලීමක් ලෙස ආරම්භ කරයි.

මාර්තු පළමු වැනිදා චීන-තායිලන්ත අන්‍යෝන්‍ය වීසා නිදහස් කිරීමේ ගිවිසුම නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පසු, චීනයේ වීසා රහිත “මිතුරන්ගේ කවය” යළිත් පුළුල්වීමක් ලෙසට මෙය සැලකේ .

අදාළ ප්‍රතිපත්තිවලට අනුව, මෙම වසරේ මාර්තු 14වැනිදාත් නොවැම්බර් 30වැනිදාත් අතර කාලය තුළ, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් 6ක සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර දරන්නන්‍ට, ව්‍යාපාර, සංචාරය , නෑදෑ හිතවතුන් බැලීම සහ දින 15කට නොවැඩි කාලයක් සංක්‍රමණය සඳහා චීනයට පැමිණීමේදී , වීසා අයදුම් කිරීමට අවශ්‍ය නොවේ.

එහෙත් එම රටවල පුද්ගලයින් වීසා නිදහස් කොන්දේසි සපුරා නොමැති අවස්ථාවකදී, තවදුරටත් චීන වීසා බලපත්‍රයක් අයදුම් කළ යුතු ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *