සමාජවාදී නවීකරණය සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙල වසර 2021 සිට 2035 දක්වා වූ වසර 15ක රාමුවේ සැලසුම් සහගත ගමනක චීනය ගමන් කරයි. සිය වැඩපිළිවෙලේ 15වන පස් අවුරුදු සැලැස්ම 2026 වසරේ සිට ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර ඇත. සමස්ත වැඩපිළිවෙලේ කේන්ද්‍රය මහජනතාව යන්න මූලික කරගනිමින් මෙම සැලසුම් සකස් කිරීම චීනයට අනන්‍ය වූ ක්‍රියාවලියක් ලෙස සැලකිය හැකිය. ඉහළ ගුණාත්මක සංවර්ධනය තවදුරටත් සාක්ෂාත් කිරීම සඳහා එහි දී ප්‍රමුඛත්වය හිමිව ඇති මෙම වැඩපිළිවෙල චීනයට පමණක් නොව සමස්ත ලෝකයටම ගුණාත්මක සංවර්ධනයට පදනමක් බව චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසීය.
ප්‍රතිසංස්කරණ තවදුරටත් ගැඹුරු කරමින්, රජය සහ වෙළඳපොළ අතර අන්තර් සම්බන්ධය හොඳින් ක්‍රියාත්මක කිරීම, සංවර්ධනය සමග ආරක්ෂාව යන ප්‍රතිපත්තීන් ඉදිරි වසර පහ තුළ ක්‍රියාවට නැංවීමට චීනය සැලසුම් කර තිබේ.
ඉදිරි පස් අවුරුදු සැලැස්ම තුළ විද්‍යාව හා තාක්ෂණය යන ක්ෂේත්‍රයන් තවදුරටත් පුළුල් කිරීමට චීනය අපේක්ෂා කරයි. බාහිර පාර්ශ්වයන් වෙත රඳා නොසිට තමන්ගේම සංවර්ධනයක් කරා ගමන් කිරීම චීන සංවර්ධන මාවතේ සුවිශේෂත්වයකි.
2049 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂය චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා සිය වැනි සංවත්සරය සමරන අතර එහි දී නවීන සමාජවාදී රාජ්‍යක් ගොඩනඟා ගැනීම චීනයේ අපේක්ෂාවකි. ඒ අනුව සමාජවාදී රාජ්‍යක තිබියු යුතු ලක්ෂණ විශේෂයෙන්ම සෞභාග්‍යමත් රටක්, ඉහළ සංස්කෘතික ජීවිතයක් සහිත පුද්ගලයින්ගේ රටක්, ආරක්ෂිත රටක් මෙන්ම පරිසරය සහ සහජීවනය මෙන්ම අලංකාර පරිපූර්ණ චීනයක් ගොඩනැංවීම උදෙසා අවශ්‍ය මූලික කරුණු දියත් කිරීම ද ඉදිරි පස් අවුරුදු කාලය තුළ තවදුරටත් ක්‍රියාවට නැංවේ.
කර්මාන්ත නවීකරණය කරමින්, වෙළඳපොල පුළුල් කර චීනය ලෝක ආර්ථික ප්‍රගමණයට මහා බලවේගයක් බවට පත් ව සිටී. එය තවදුරටත් දියුණු කරමින් ස්වයංව සංවර්ධනය වීම උදෙසා සංඛ්‍යාත්මකව නොව ගුණාත්මක බව ඉහළ නංවමින් විද්‍යා හා තාක්ෂණය සංවර්ධනය කිරීමට මෙම වසර පහ තුළ චීනය සැලසුම් කර ඇත.
ප්‍රතිපත්තීන් සමග නිශ්චිත ක්ෂේත්‍ර ගණනාවක් තවදුරටත් සංවර්ධනය කරමින් චීනයට අනන්‍ය වූ ස්වයං සංවර්ධනයක් කරා චීනය යොමු වීම චීනයට පමණක් නොව සමස්ත මානව වර්ගයා වෙතම ප්‍රතිලාභ හිමිවන යුගයක් වෙනුවෙන් ගන්නා ඓතිහාසික පියවරක් බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසීය.
