ස්ලෝවැකියාව හා නෝර්වේ ඇතුළු රටවල් 9කට චීනයෙන් නිදහස් වීසා

ස්ලෝවැකියාව හා නෝර්වේ ඇතුළු රටවල් 9කට චීනයෙන් නිදහස් වීසා

ස්ලෝවැකියාව, නෝර්වේ, පින්ලන්තය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ඇන්දෝරාව, මොනාකෝ, ලයික්ටෙන්ස්ටයිනය, දකුණු කොරියාව ඇතුළු රටවල සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වෙත වීසා නිදහස් ප්‍රතිපත්තිය අත්හදා බැලීමට චීනය තීරණය කර ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ කොන්සල් කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

2024 වසරේ නොවැම්බර් මස 8 වනදා සිට 2025 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා සංචාර, වාණිජ ගමන්, ඥාතීන් හමුවීම හා තාවකාලික සංක්‍රමණය සඳහා දින 15ක් නොඉක්මවන කාලයක් වෙනුවෙන් චීනයට පැමිණෙන එම රටවල සාමාන්‍ය ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයන් වෙත වීසා නිදහස් පහසුකම හිමි වනු ඇත. වීසා නිදහස් ‍කොන්දේසිවලට ඇතුළත් නොවන පුද්ගලයන්ට චීනයට පැමිණීමේ දී අදාළ වීසා ඉල්ලුම් කළ යුතු ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *