සමුද්‍රීය ජෛව විවිධත්ව ගිවිසුමට අදාළව එහි ලේකම් කාර්යාලය Xiamenහි ස්ථාපිත කිරීමට චීනය සූදානම්

සමුද්‍රීය ජෛව විවිධත්ව ගිවිසුමට අදාළව එහි ලේකම් කාර්යාලය Xiamenහි ස්ථාපිත කිරීමට චීනය සූදානම්

ක්සත් ජාතීන්ගේ රාමුව යටතේ ක්‍රියාත්මක සමුද්‍රීය ජෛව විවිධත්ව ජාත්‍යන්තර ගිවිසුම සඳහා වූ ලේකම් කාර්යාලය Xiamen නගරයේ ස්ථාපිත කිරීමට චීනය සූදානම් වෙයි.

එම ගිවිසුම ඉකුත් 17 වන දා බලපැවැත්වීම ඇරඹිණ. චීනය ඇතුළු රටවල් 82ක් සහ යුරෝපා සංගමය ගිවිසුමේ නිල පාර්ශ්වයන් බවට පත් වී ඇත.

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා (20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවේ එම ගිවිසුම, එක්සත් ජාතීන්ගේ රාමුව යටතේ වන සංධිස්ථානීය ජාත්‍යන්තර ගිවිසුමක් බවයි. මෙය ක්‍රියාවට නැංවීමෙන්, සමුද්‍රීය ක්ෂේත්‍රයේ ගෝලීය පාලනය සඳහා වන නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කෙරේ. ඒ අනුව මෙම ගිවිසුමට අදාළව එහි ලේකම් කාර්යාලය Xiamen නගරයේ ස්ථාපිත කිරීම සඳහා අයදුම් කිරීමට චීනය තීරණය කර ඇති අතර, පසුගිය 16 වනදා මේ සම්බන්ධයෙන් ජගත් ලේකම්වරයා දැනුවත් කර ඇති බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *