සන්නද්ධ හමුදා සහ සිවිල් අංශ අතර එකමුතු බවෙහි අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි

සන්නද්ධ හමුදා සහ සිවිල් අංශ අතර එකමුතු බවෙහි අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි

චීන හමුදාව සහ රජය අතර මෙන්ම හමුදාව සහ සිවිල් ජනතාව අතර ද වැඩි එකමුතු බවක් පවත්වා ගන්නා ලෙස චීන ජනපති ෂී ජින් පිං මහතා ඉල්ලා සිටියි. චීන කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත නායකත්වය ආරක්ෂා කිරීමේ ප්‍රතිසංස්කරණ හා නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාමේ සහ අදාළ ප්‍රතිපත්ති හා යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් හෙතෙම මේ බව සඳහන් කර ඇත. 

චීනයේ යුද හමුදාව හා සිවිල් ජනතාව අනෝන්‍ය සහයෝගයෙන් යුතුව ක්‍රියා කිරීම පිළිබඳ ආදර්ශ නගර හා කෝරළ නම් කිරීමේ සමුළුව අද (24) බෙයිජිං හිදී පැවැත්විය.ෂී ජින් පිං මහතාගේ මෙම උපදෙස් එහිදී ප්‍රකාශ කෙරුණු අතර අදාළ නගරවල හා කෝරළවල නියෝජිතයන්ට සම්මාන ප්‍රදානය කිරීම ද එහිදී සිදු කෙරිණ.

හමුදා සහ සිවිල් අංශ අතර අනෝන්‍ය සහයෝගයෙන් යුතුව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෑතකදී වැදගත් උපදෙස් ලබා දී ඇත. තවද යුද හමුදා සාමාජිකයන්ගේ ඥාතීන් වෙත සහය දීමත්, යුද හමුදාව රජයට සහයෝගය ලබා දී ජනතාවට ආදරය කිරීමත් චීන කොමියුනිස්ට් පක්ෂය, චීන මහජන විමුක්ති හමුදාව මෙන්ම චීන ජනතාවගේ සාම්ප්‍රදායක් හා සුවිශේෂ දේශපාලන වාසි වන බව ෂී ජින් පිං මහතා පැවසීය.

නව යුගයේ අදාළ කටයුතු හා සම්බන්ධ ප්‍රතිපත්ති පද්ධතිය සම්පූර්ණ කරමින් එම වැඩකටයුතු සඳහා අඛණ්ඩව නව ජයග්‍රහණ ලබා දීම ප්‍රවර්ධනය කළ යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේය. සෑම තරාතිරමකම පක්ෂ කමිටු හා රජය යුද හමුදාව ගොඩනැගීමට හා ප්‍රතිසංස්කරණයට අනුබල දිය යුතුය. එමෙන්ම ප්‍රදේශයේ සංවර්ධනයට සක්‍රිය ලෙස  අනුග්‍රහය ලබා දෙමින් යුද හමුදාව සැබෑ ක්‍රියාවන් මගින් ප්‍රදේශවාසීන්ට ජයග්‍රහණ ලබා දිය යුතු බවද හෙතෙම සඳහන් කළේය. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *