සංවර්ධනයේ පූර්ණ ප්රතිලාභ සාධාරණව භුක්ති විඳින සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම වත්මන් රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (11) පැවැති සාකච්ඡාවේදීය.
පුරවැසියන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික සුරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ එක්ව කටයුතු කිරිමට මෙහිදී සාකච්ඡා විය.
ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට අවශ්‍ය පිරිස් වෙත ණය මුදල් ලබා දීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සඳහා සමෘද්ධි අරමුදලෙන් රුපියල් බිලියන 55ක් වෙන් කිරීමට ද යෝජනා කෙරිණ.
ජාතික ප්‍රමුඛතා හා අවශ්‍යතා හඳුනා ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමිතිද සැලකිල්ලට ගනිමින් කාන්තාවන්, ළමුන්, අවදානමට ලක් විය හැකි හා වරප්‍රසාද නොලබන පුද්ගලයන්ගේ සමාජ ආරක්ෂණය හා ආර්ථික සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය නෛතික හා ආයතනික පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.