“ෂී ජින්පිං ජනපතිගේ නායකත්වය තුළින් රට දරිද්‍රතාවයෙන් මුදාගැනීම”නම් ග්‍රන්ථය නිකුත් කෙරේ

“ෂී ජින්පිං ජනපතිගේ නායකත්වය තුළින් රට දරිද්‍රතාවයෙන් මුදාගැනීම”නම් ග්‍රන්ථය නිකුත් කෙරේ

“ෂී ජින්පිං ජනාධිපතිවර‍යාගේ නායකත්වය යටතේ දරිද්‍රතාවයෙන් මුදාගැනීම” නමැති ග්‍රන්ථය නිකුත් කෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පක්ෂ අධ්‍යයන මුද්‍රණාලය විසින් නිකුත් කළ එම ග්‍රන්ථය චීනය පුරා බෙදා හරිනු ලැබේ.

දරිද්‍රතාවයෙන් මුදා ගැනුණු චීන ජනතාවගේ සැබෑ අත්දැකීම් පාදක කරගනිමින් ලියැවුණු මෙම ග්‍රන්ථය, ෂී ජින්පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ මුළු පක්ෂයම සහ රට පුරා සියලු ජනවාර්ගික කණ්ඩායම් එක්ව දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා කළ කැපකිරීම් මෙන්ම ඉන් ලැබූ ඓතිහාසික ජයග්‍රහණ හා ඒ වෙනුවෙන් කළ අරගලයේ ජීවගුණය පෙන්නුම් කරයි.

එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම, නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තනය ප්‍රචලිත කිරීමට ද විශාල පිටුබලයකි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *