ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තය පිළිබඳ ඇමරිකාවේ අසත්‍ය ප්‍රකාශ චීනය දැඩිව හෙළා දකියි‍

ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තය පිළිබඳ ඇමරිකාවේ අසත්‍ය ප්‍රකාශ චීනය දැඩිව හෙළා දකියි‍

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය අතර සහයෝගිතා ගැටලුව පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විවෘත රැස්වීමක් පැවැත්විණ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ඊයේ (24) පැවති එම රැස්වීමේදී දේශනයක් සිදු කරමින් චීනයේ ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තය පිළිබඳව ඇමරිකානු නියෝජිතයා ඉදිරිපත් කළ අසත්‍ය තොරතුරු ප්‍රතික්ෂේප කර හෙළා දැක ඇත.

ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තය පිළිබඳව ඇමරිකානු නියෝජිතයා කළ අසත්‍ය චෝදනාවට චීනය දැඩි ලෙස විරුද්ධ වන බව Fu Cong මහතා එහිදී පැවසීය. ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තය පිළිබඳ අනවශ්‍ය කැළඹීමක් ඇති කිරීම, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම, චීනයේ සංවර්ධනය මර්දනය කිරීම ඇතුළු ක්‍රියාවන් මගින් ඇමරිකාවේ ආධිපත්‍යය හා ඔවුන්ගේ ද්විත්ව ප්‍රමිතීන් පැහැදිලි ව පෙන්නුම් කරයි. ගත වූ වසර 6 තුළ ඉස්ලාමීය රාජ්‍යයන් ඇතුළු රටවල් 100කට වැඩි ප්‍රමාණයක් චීනයේ ස්ථාවරයට අනුබල දෙමින් මානව හිමිකම දේශපාලනීයකරණය කිරීම, මානව හිමිකම මුවාවෙන් සෙසු රටවල අභ්‍යන්තර කටයුතුට මැදහත්වීමට විරුද්ධ වේ.

අවි ප්‍රචණ්ඩත්වය හා වර්ගවාදය හේතුවෙන් සිදුවන ඇමරිකානු ජනතාවගේ මානව හිමිකම් කඩවීම නොතකමින්, මානව හිමිකම් මුවාවෙන් සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්ව, ඇමරිකාව සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇත. එබැවින් සිය ගැටළු ස්වයං විමර්ශනයකට ලක් කරන ලෙසත් ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව වෙනුවෙන් ප්‍රායෝගික දායකත්වය දරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව Fu Cong මහතා වැඩිදුරටත් කියා සිටියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *