ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය ස්ථාපිත කිරීමේ 70වැනි සංවත්සර සැමරුම් උත්සවය අද(25) පෙරවරුවේ ෂින්ජ්‍යං මහජන ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති හා මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා එම උත්සවයට එක් විය.
පෙරවරු 10:30ට පමණ, උණුසුම් අත්පොළසන් නාද මධ්‍යයේ ෂී ජින් පිං මහතා ඇතුළු නායකයෝ වේදිකාවට පිවිසියහ. උත්සවය ඇරඹීම ප්‍රකාශයට පත්වීමත් සමඟ, එහි සියලු දෙනාම නැගී සිට ජාතික ගීය ගායනා කළහ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති සහ මධ්‍යම දූත කණ්ඩායමේ ප්‍රධානී Wang Huning මහතා එම උස්වයයේදී දේශනයක් පැවැත්වීය. ගෙවි ගිය වසර 70 තුළ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය කැපී පෙනෙන ජයග්‍රහණ ලබා ඇති බව ඔහු පැවසීය. ජනවාර්ගික ගැටලු විසඳීම සඳහා චීන ලක්ෂණ සහිත මාවතේ ශක්තිමත් ජීව ශක්තිය ඉන් සම්පූර්ණයෙන්ම පෙන්නුම් කර ඇති අතර, නව යුගයේ ෂින්ජ්‍යං පාලනය පිලිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ උපායමාර්ගය සම්පූර්ණයෙන්ම නිවැරදි බව ඉන් සනාථ කර ඇති බව ඔහු අවධාරණය කළේය.
නව ආරම්භක ස්ථානයක සිට, ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ නවීකරණය සංවර්ධනය කිරීමේදී, නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනයට අනුගත විය යුතු බව Wang Huning මහතා පෙන්වා දුන්නේය. නව යුගයේ ෂින්ජ්‍යං පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ උපායමාර්ගය ක්‍රියාත්මක කරමින්, සමගිය හා සමෘද්ධිය සහිත නවීන සමාජවාදී ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයක් ගොඩනැගීමට අඛණ්ඩ උත්සාහයක නිරත විය යුතු බව ඔහු අවධාරණය කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව, රාජ්‍ය මණ්ඩලය, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව, මධ්‍යම යුද කොමිසම ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය ස්ථාපිත කිරීමේ 70වැනි සංවත්සර සඳහා සුබ පැතුම් පණිවිඩ යොමු කර ඇත.
