චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාව පසුගිය 26 වැනිදා බෙයිජිං සිට මාර්ගගතව ෂංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල තරුණ වටමේස සංවාදයක් පැවැත්වීය.
“තරුණ බලය එක්සත් කර අත්වැල් බැඳගෙන සුන්දර අනාගතයක් එක්ව නිර්මාණය කිරීම” යන්න එම සංවාදයේ තේමාවයි. චීනය, කසකස්ථානය, කිර්ගිස්තානය සහ රුසියාව ඇතුළු ෂංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් සහ සංවාද හවුල්කාර රටවල් 11 ක තරුණ නියෝජිතයෝ එම සංවාදයට එක් වූහ.
ෂංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් Nurlan Yermekbayev මහතා එම සංවාදය සඳහා වීඩියෝ පණිවිඩයක් ඉදිරිපත් කර ඇත. අදාළ විවිධ වේදිකා හා සම්පත් භාවිත කිරීමෙන් අන්‍යෝන්‍ය මිත්‍රත්වය සහ සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කරමින් සාමකාමී සංවර්ධනයේ නව පරිච්ඡේදයක් ඇරඹීමට ඔහු තරුණයින් දිරිමත් කළේය.
ෂංහයි සහයෝගිතා සංවිධානය කලාපීය සහයෝගීතාව සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් වේදිකාවක් බව එම සංවාදයට සහභාගිවූවන් සඳහන් කර ඇත. මානව හුවමාරු සහ නව සහයෝගීතා අවස්ථා තහවුරු කිරීමේ දී මෙන් ම තරුණයන්ගේ වගකීම් හා යුතුකම් දිරිමත් කිරීමේ දී ද එම සංවිධානය සුවිශේෂ කාර්යභාරයක් ඉටු කර ඇති බව ද ඔවුන්ගේ පොදු අදහස වී ඇත.
