ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පිරිනමයි.
චීනය සහ ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින බව ෂී ජින් පිං මහතා (4) යොමු කළ එම සුබ පැතුම් පණිවුඩයෙන් දක්වා ඇත. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ආරම්භ වී වසර 68 ක් තුළ, චීන-ශ්‍රී ලංකා සබඳතාව මනාව හා ස්ථාවර ලෙස සංවර්ධනය වෙමින් පවතී. එය සෙසු රටවල් අතර මිත්‍ර හා සහයෝගී සම්බන්ධතා ගොඩනැගීමට මනා ආදර්ශයක් බව ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය ජනවාරි මස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේදී සාර්ථකව නිල සංචාරයක් සිදු කර ඇත. එම අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීප හුවමාරු සිදු කරගනිමින් පුළුල් එකඟතාවන් දක්වා පැමිණ ඇති බව ෂී ජින් පිං මහතා පැවසීය. චීන-ශ්‍රී ලංකා සබඳතාව තමා ඉතා වැදගත් කොට සලකන අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ දෙරට අතර එකිනෙකාට අවංකව සහය දැක්වීම මෙන්ම සාම්ප්‍රදායික මිතුදම සහිත උපායමාර්ගික හවුල්කාරීත්වය පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු කීය. දෙරටේ ජනතාවට වඩා සුබසෙත අත්වන පොදු ඉරණමක් සහිත චීන-ශ්‍රී ලංකා ප්‍රජාවක් ගොඩනැගීමට කැප වනු ඇතැයි ද ෂී ජින් පිං මහතා සඳහන් කර ඇත.
චීන අගමැති ලී ච්‍යං මහතා ද නිදහස් දිනය වෙනුවෙන් එදිනම ශ්‍රී ලංකා අගමැති හරිනි අමරසූරිය මෙනෙවියට සුබ පැතුම් පණිවුඩයක් යවා ඇත.