ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන අත්කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය වන අතර එමඟින් සාර්ථක ප්‍රගතියක් ලබමින් සිටින බවත් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටුණු අවස්ථාවේ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවැසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවැනි සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණි බව කී ඒ මහතා ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය විසින් මෙම එකඟතාව අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 337ක පමණ මූල්‍ය පහසුකමක් හිමිවන බව ද ඒ මහතා සඳහන් කළේය.
පීටර් බෘවර් මහතා මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවැනි සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේදී ඊයේ (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදීය.