“ විදේශ රටවල නිෂ්පාදනය කරන” සියලුම සිනමා පට සඳහා 100% ක තීරුබදු පැනවීමට ට්‍රම්ප්ගෙන් නියෝග

“ විදේශ රටවල නිෂ්පාදනය කරන” සියලුම සිනමා පට සඳහා 100% ක තීරුබදු පැනවීමට ට්‍රම්ප්ගෙන් නියෝග

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “විදේශ රටවල නිෂ්පාදනය කරන” සියලුම චිත්‍රපට සඳහා සියයට 100ක තීරුබදු පැනවීමේ ක්‍රියාවලිය වහාම ආරම්භ කිරීමට අවසර දෙන බව ඊයේ(04) පැවසීය.

ඔහුගේ Truth සමාජ වේදිකාවේ සටහනක් තබමින් හෙතෙම සඳහන් කළේ ඇමරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් මරණය කරා ගොදුරු වෙමින් පවතින බවයි. ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදකයින් සහ චිත්‍රාගාර ඇමරිකාවෙන් ඈත් කිරීමට වෙනත් රටවල් සියලු ආකාරයේ දිරිගැන්වීම් ලබා දෙන බවත් එම නිසා හොලිවුඩ් මෙන්ම වෙනත් ප්‍රදේශ ඊට ගොදුරු වෙමින් පවතින බවත් ට්‍රම්ප් එහි සඳහන් කර තිබේ.

මෙය “ජාතික ආරක්ෂක” තර්ජනයක් ලෙස සලකා වෙනත් රටවල නිෂ්පාදනය කොට ඇමරිකාවට පැමිණෙන සියලුම චිත්‍රපට සඳහා 100%ක තීරුබදු පැනවීමේ ක්‍රියාවලිය වහාම ආරම්භ කිරීමට ට්‍රම්ප් එරට වාණිජ දෙපාර්තමේන්තුවට සහ වෙළඳ නියෝජිතයාට බලය පවරා ඇත. නැවතත් ඇමරිකාව තුළ චිත්‍රපට නිෂ්පාදනය කිරීම අවශ්‍ය බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *