විදෙස් ආයෝජන කෙරෙහි චීනයේ දායකත්වය අඛණ්ඩව ඉදිරියට

විදෙස් ආයෝජන කෙරෙහි චීනයේ දායකත්වය අඛණ්ඩව ඉදිරියට

චීනය පෙර ‍සේ විදෙස් ආයෝජන කෙරෙහි වැඩියෙන්ම යොමු වන රටක් බව, චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංහ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ‍කියා සිටියේ මේ බව සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වී ඇති බවයි. එමෙන් ම චීනයට ගලා එන විදෙස් ආයෝජන වර්ධනය වෙමින් පවතින බව ද ඇය එහිදී පැවසුවා ය.

2024 වසර අවසානය වන විට චීනයේ ලියාපදිංචි වූ විදෙස් ව්‍යවසායන් සංඛ්‍යාව 12 ලක්ෂ 40 දහසකි. ඒ අතරින් ගිය වසරේදී චීනයේ අලුතෙන් ස්ථාපිත කෙරුණු විදෙස් සමාගම් 60 දහසක් පවතී. එම සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂ ව 9.9%ක වර්ධනයක් වාර්තා කර ඇත. එසේ ම ගෙවුණු වසර 5හේ චීනය තුළ සෘජු ආයෝජන සිදු කළ විදෙස් ආයෝජකයන්ට 9%ක පමණ ලාභයක් හිමි ව ඇති බවත්, එය ගෝලීය වශයෙන් ඉදිරියෙන් පවතින බවත්, මෞ නිං මහත්මිය අදාළ දත්ත උපුටා දක්වමින් සඳහන් කළා ය.

විදෙස් ආයෝජන ස්ථාවර කිරීම සඳහා ඉකුත් මාසයේ චීන රජය පියවර 20ක් ප්‍රකාශයට පත් කර ඇත. පසුගිය දා පැවති චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරයේදී ඉදිරිපත් කෙරුණු රාජ්‍ය කාරක වාර්තාවෙන් ද විදෙස් ආයෝජන ස්ථාවර කිරීමේ වැදගත්කම පෙන්වා දී තිබේ. ඒ සඳහා චීන දේශීය සමාගම්වලට ලබා දෙන සැලකීම සමාන ආකාරයෙන් විදෙස් සමාගම් වෙත ද ලබා දිය යුතු බව රාජ්‍ය කාරක වාර්තාවෙන් අවධාරණය විය. බාහිර පරිසරය කෙතරම් වෙනස් වුව ද චීනය සිය ඉහළ මට්ටමේ විවෘතභාවය වෙනස් නොවන අයුරින් ක්‍රියාත්මක කරන බව මෞ නිං මහත්මිය කියා සිටී. චීනයේ ආයෝජනය කිරීමෙන් චීනය සමග සංවර්ධන අවස්ථා බෙදා ගන්නා ලෙස චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව එම මාධ්‍ය හමුවේදී විවිධ රටවල ව්‍යවසායන්ට ආරාධනාවක් ද කළා ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *