විදුලි මෝටර් රථ අර්බුදයකට චීනය යුරෝපා සංගමය හා ගැටේ

විදුලි මෝටර් රථ අර්බුදයකට චීනය යුරෝපා සංගමය හා ගැටේ

චීනයේ විදුලි මෝටර් රථවලට එරෙහි සහනාධාර විරෝධී විමර්ශනයට අදාළව යුරෝපා සංගමය ඉදිරිපත් කළ අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.

‍ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා අද(30) මේ බව ප්‍රකාශ කළේය.

එහිදී හෙතෙම අවධාරණය කළේ යුරෝපා සංගමය ඉදිරිපත් කළ අදාළ විමර්ශනයේ අවසන් ප්‍රතිඵලය චීනය පිළිනොගන්නා බවයි.

චීනයේ විදුලි මෝටර් රථවලට එරෙහිව යුරෝපා සංගමය සිදු කළ සහනාධාර විරෝධී විමර්ශනය අසාධාරණ මෙන්ම නිත්‍යානුකූල නොවන ක්‍රියාවක් වන අතර එය සැබැවින්ම “සාධාරණ තරඟය” නමින් “අසාධාරණ තරඟයක්” වන ආරක්ෂණවාදී ක්‍රියාවක් බව එම ප්‍රකාශකයා පෙන්වා දී තිබේ.

එම තීන්දුව සම්බන්ධයෙන් චීනය ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය යටතේ නඩුවක් ද පවරා ඇත. චීන ව්‍යවසායන්ගේ නිත්‍යානුකූල අයිතිවාසිකම් තරයේ ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග චීනය අඛණ්ඩව ගනු ඇතැයි එම ප්‍රකාශකයා කියා සිටියේය.

සංවාදය හා සාකච්ඡාව මගින් වෙළෙඳ ගැටළු විසඳීම වෙනුවෙන් චීනය සැමවිටම පෙනී සිටී. වර්තමානය වන විට දෙපාර්ශ්වයේ තාක්ෂණික කණ්ඩායම් මේ සම්බන්ධයෙන් නව අදියරේ සාකච්ඡාවක නිරත ව සිටින අතර  එහිදී දෙපාර්ශවයටම පිළිගත හැකි විසඳුමකට එළැඹීම සඳහා යුරෝපා සංගමය චීනය සමඟ සංවර්ධනාත්මකව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *