වාර්ෂික සැසිවාර දෙක මගින් චීනයේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සංකේන්ද්‍රීය ප්‍රකාශනයක් සහ භාවිතයක් හඳුනාගත හැකියි

වාර්ෂික සැසිවාර දෙක මගින් චීනයේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සංකේන්ද්‍රීය ප්‍රකාශනයක් සහ භාවිතයක් හඳුනාගත හැකියි

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන සැසිවාරය අවසානයේ දී 2024 වසරේ  ජාතික ආර්ථීක හා සමාජීය සංවර්ධන යෝජනා සහ සැලසුම් ද ප්‍රාදේශීය සහ මධ්‍යම රජයේ අයවැය ද සම්මත වී තිබේ. චීනය‍‍ මේ වර්ෂයේ සංවර්ධන සැලසුම් සකස් කරන ආකාරය සහ එය ක්‍රියාත්මක කරන පිළිවෙත කෙරෙහි අවධානය යොමු කිරීමේ දී මෙම වාර්ෂික සැසිවාර දෙක චීනයේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සංකේන්ද්‍රීය ප්‍රකාශනයක් සහ භාවිතයක් ලෙස හඳුනාගත හැකි බව කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සම්පත් සෝමරත්න මහතා සඳහන් කළේය.

උසස් තත්ත්වයේ සංවර්ධනයක්, නව ගුණාත්මක ඵලදායීතාව, ආර්ථික වර්ධන ඉලක්ක පිළිබඳව එහිදී ගැඹුරින් සාකච්ඡාවට ලක් කෙරිණ. 2024 වර්ෂයේ ආර්ථික සංවර්ධන හා අරමුණු මෙන්ම චීනයේ අනාගත ඉලක්ක සහ ගෝලීය ආර්ථික ප්‍රගතිය ඉහළ නැංවීමට අදාළ කරුණු රැසක් මෙවර ද සම්මත වී තිබේ.

මෙවර රාජ්‍ය කාර්ය වාර්තාවේදී පරිසර හිතකාමී ලෙස සංවර්ධන ඉලක්ක සපුරා ගන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂ අවධානය යොමු විය. නව බලශක්ති මෝටර් රථ කර්මාන්තය කැපී පෙනෙන ලෙස පුළුල් කර ඒ ඔස්සේ හයිඩ්‍රජන් බලශක්ති කර්මාන්ත සඳහා යොමු කිරීම සහ ඉදිරිපෙළ කර්මාන්ත සංවර්ධනය තවදුරටත් නැංවීමට යම් යම් සංවිධානාත්මක කටයුතු ඉටු කිරීමට මෙන්ම ප්‍රාදේශීය වශයෙන් ඒ ඒ ප්‍රදේශ ඉලක්ක කොට ඊට ගැලපෙන සංවර්ධන දිශාව තීරණය කරමින් නවෝත්පාදනයන් කෙරෙහි යොමු වීමේ අවශ්‍යතාවත් නායකත්වය විසින් පෙන්වා දී ඇත.

ජනතා ගැටළු සඳහා විසඳුම් ජනතාව අතරින්ම හඳුනාගෙන චීනය තුළ කෙරෙන සමාජ ආර්ථික සංවර්ධනය සහ එම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය මේ මොහොතේ ගෝලීය සංවර්ධනයට චීනය දක්වන යහපත් නැඹුරුතාවේ ප්‍රතිබිම්භයක් බව කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සම්පත් සෝමරත්න මහතා පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *