වානේ සහ ඇලුමිනියම් සඳහා ඇමරිකාව පැනවූ නව තීරු බදු සම්බන්ධයෙන් යුරෝපීය රටවල දැඩි විරෝධය

වානේ සහ ඇලුමිනියම් සඳහා ඇමරිකාව පැනවූ නව තීරු බදු සම්බන්ධයෙන් යුරෝපීය රටවල දැඩි විරෝධය

ආනයනය කරන සියලුම වානේ සහ ඇලුමිනියම් සඳහා ඇමරිකාව 25% ක තීරු බද්දක් පැනවීම පිළිබඳව යුරෝපීය රටවල් කිහිපයක් දැඩි විරෝධය පළ කරයි.

ඇමරිකාවේ ජනාධිපති Donald Trump ඊයේ (10) එම තීරු බදු පැනවීම පිළිබඳ විධායක නියෝගයට අත්සන් තැබීය. මාර්තු 4 වැනිදා සිට එය ක්‍රියාත්මක වීමට නියමිතය. එදිනම බොහෝ යුරෝපීය රටවල් ඊට ප්‍රතිචාර දැක්වීය.

ඇමරිකා‍වේ තීරු බදු පැනවීමට එරෙහිව යුරෝපා සංගමය වි‍රුද්ධ පියවර ගනු ඇති අතර සිය අවශ්‍යතා ආරක්ෂා කිරීමට පසුබට නොවන බව ප්‍රංශ විදේශ අමාත්‍ය Jean-Noel Barrot මහතා පැවසීය.

එමෙන්ම ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය José Manuel Albares Bueno මහතා පෙන්වා දුන්නේ හැකි ඕනෑම අවස්ථාවකට යුරෝපා සංගමය ප්‍රතිචාර දක්වන බවත්, සිය වෙළඳපොළේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ය.

ජර්මාන් උප චාන්සලර් හා ආර්ථික අමාත්‍ය Robert Habeck මහතා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ, එවැනි ඒකපාර්ශ්වික වෙළඳ සීමාවන්ට යුරෝපය එකමුතුව ස්ථීර ලෙස ප්‍රතිචාර දක්වනු ඇති බවය. දිර්ඝ කාලීනව සලකා බැලුවහොත් තීරුබදු යුද්ධයකදී සිටිනුයේ පරාජිතයින් පමණක් බව එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *