ව්‍යවසායකයන්ගේ බැංකු ණය ප්‍රතිව්‍යුහගත කළ හැකි අයුරු

ව්‍යවසායකයන්ගේ බැංකු ණය ප්‍රතිව්‍යුහගත කළ හැකි අයුරු

බැංකු ණය ලබාගෙන එම ණය නැවත ගෙවීමේ අර්බුදයකට ලක්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට, එම ණය ප්‍රතිව්‍යුහගතකිරීමට අවස්ථාව ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම ට ගෙන ඇති තීරණය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රය තවමත් ප්‍රකෘති තත්ත්වයට පැමිණ නොමැති නිසා බවද ඔහු මෙහිදී පැවසීය. 

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම මේ මස 15වනදා අවසන්වීමට නියමිතව තිබූ අතර, පසුව එය 2025 වසරේ මාර්තු 31 දක්වා දීර්ඝ කළේය.

මෙම දීර්ඝ කිරීමත් සමග එක් එක් ව්‍යවසායකයන් ඔවුන් ලබාගත් ණය ප්‍රමාණයන් අනුව ණය ප්‍රතිව්‍යුහගතකළ හැකි ආකාරය සම්බන්ධයෙන් රජය සැලසුම් සකසා තිබේ.

පරාටේ නීතිය දීර්ඝ කිරීම පිළිබඳ සිදුකළ අධ්‍යයනයේදී ණයගැතියන්ගෙන් 99%ක්ම, රුපියල් මිලියන 25ට වඩා අඩු ණය පැහැරහරින්නන් බව හෙළි වී ඇත.

කෙසේ නමුත් පරාටේ නීතිය මුළුමනින්ම අත්හිටුවා තිබීමෙන් බැංකු පද්ධතිය කඩාවැටිය හැකි බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව හිඟ පොලිය හැර ණය මුදල රුපියල් මිලියන 25ට අඩු ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා 2025 වසරේ දෙසැම්බර් 15 වනදා දක්වා කාලය ලබා දී ඇත.

මෙම ප්‍රතිව්‍යුහගතකිරීම යටතේ ණය ගෙවීම සඳහා සූදානම් බව ණය ගෙවන්නන් ලබන වසරේ මාර්තු 31 වනදාට වනවිට බැංකුවලට ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව බැංකුව සහ ණය හිමියන් සාකච්ඡා කර තමන් ගෙවිය යුතු ණය වෙනුවෙන් සැලසුමක් සැකසිය යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *