වසර 2026 චීනයේ GDP වටිනාකම යුවාන් ට්‍රිලියන 6කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අපේක්ෂිතයි

වසර 2026 චීනයේ GDP වටිනාකම යුවාන් ට්‍රිලියන 6කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අපේක්ෂිතයි

14 වැනි චීන ජාතික මහජන ‍කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරය අද(6) ආර්ථික කටයුතු පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

වසර 2026 රටේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 6කට වැඩි ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටු අධ්‍යක්ෂ Zheng Shanjie මහතා එහිදී පැවසීය. එමගින් ස්ථාවර රැකියා නියුක්තිය,ජන ජීවිතය යහපත් වීම හා අවදානම් වැළැක්වීම වෙනුවෙන් ශක්තිමත් පිටුබලයක් සැපයෙනු ඇතැයි ද ඔහු පෙන්වා දී තිබේ.

මේ වසරේ උසස් තත්ත්වයේ සංවර්ධනයට අදාල ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා වැඩි අරමුදල් යොමු කරනු ඇතැයි මුදල් අමාත්‍ය Lan Fo’an මහතා පවසයි. විද්‍යා තාක්ෂණ සංවර්ධනය වෙනුවෙන් යුවාන් ට්‍රිලියන 1.3ක් ආයෝජනය කරන අතර එය වසරින් වසර සියයට 7.1ක වැඩි වීමකි. අධ්‍යාපනය, සමාජ සංරක්ෂණය, රැකියා නියුක්තිය, සෞඛ්‍ය සේවාව, ජන නිවාස සහතිකය වෙනුවෙන් යුවාන් ට්‍රිලියන 12.4කට වැඩි අරමුදලක් වෙන් කරන බව ඔහු හෙළි කර ඇත.

 14වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ චීනයේ පරිභෝජන වෙළඳපොලේ පරිමාණය අඛණ්ඩව ලොව දෙවැනි ස්ථානයේ පසු වූ අතර, මිලදී ගැනීමේ හැකියාව අනුව ගණනය කළහොත් එය ලොව පළමු ස්ථානයට පත්වී තිබෙන බව වාණිජ ඇමති Wang Wentao මහතා එම මාධ්‍ය හමුවේදී දැනුවත් කර ඇත. පුරවැසියන්ගේ පරිභෝජන ව්‍යුහය තුළින් නව වෙනස්කම් දක්නට ලැබූ බව ද ඔහු පෙන්වා දී තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *