වසර දෙක­කට පසු ගාසා තීරයේ වෙළෙඳ කට­යුතු ඇරැ­ඹෙයි

වසර දෙක­කට පසු ගාසා තීරයේ වෙළෙඳ කට­යුතු ඇරැ­ඹෙයි

සටන් විරා­මය ඇරැ­ඹී­මෙන් පසු ගාසා තීරයේ කඩ සාප්පු සහ වෙළෙ­ඳ­පොළ යළි විවෘත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුද ගැටුම් හේතු­වෙන් වසර දෙක­කට අධික කාල­යක් බිඳවැටුණු ජන ජීවි­තය නැවත යථා තත්ත්ව­යට පත්වෙ­මින් තිබෙන බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. ඊශ්‍රා­යල යුද ප්‍රහාර මධ්‍යයේ දැඩි ආහාර හිඟ­ය­කට මුහුණපා සිටි දහස් සංඛ්‍යාත පල­ස්තී­නු­වන් සිය දෛනික ජීවි­ත­යට හුරු­වෙ­මින් සිටින අතර, එදි­නෙදා අත්‍ය­වශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඊයේ ඛාන් යූනිස් නග­රයේ වෙළෙ­ඳ­පො­ළට පාරි­භෝ­ගි­ක­යන් විශාල පිරි­සක් එක්රොක් වූ බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. සටන් විරාම ගිවි­සු­මට අනුව ගාසා තීරයේ රැඳී සිටි ඊශ්‍රා­යල හමු­දාව ඉව­ත්වී­මෙන් පසු නාග­රික හා ග්‍රාමිය ප්‍රදේ­ශ­වල වීදි ජනා­කීර්ණ වූ බව ද වාර්තා වේ. පෙරේදා සිට ගාසා තීර­යට අඛ­ණ්ඩව අත්‍ය­වශ්‍ය භාණ්ඩ ප්‍රවා­හ­නය සිදු­වන අතර, ගාසා තීරයේ සියලු දේශ­සීමා ඔස්සේ ආහාර සහ සෙසු ආධාර රැගත් ට්‍රක් රථ පැමි­ණෙ­මින් තිබෙන බව වාර්තා වේ. යුද ගැටුම් හේතු­වෙන් පසු­ගිය කාලයේ නග­ර­යෙන් පලා ගිය පල­ස්තී­නු­වන්ට නැවත සිය නිවාස කරා පැමි­ණීම පහසු කර­මින් ඛාන් යුනිස් නගර සභාව සහ එක්සත් ජාතීන්ගේ සහ­නා­ධාර වැඩ­ස­ට­හන ඒකා­බ­ද්ධව නග­රයේ සුන්බුන් ඉවත් කිරීම ද ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *