මෙම වසරේ මුල් මාස හතර තුළ චීනයේ ආනයන හා අපනයන භාණ්ඩවල මුළු වටිනාකම චින යුවාන් ට්‍රිලියන 14.14 ක් වූ අතර එය වසරින් වසර 2.4% ක වැඩිවීමක් පෙන්නුම් කෙරේ. චීන රේගු මහා පරිපාලනය අද (9) මේ බව ප්‍රකාශ කළේය.
මෙම වසරේ, චීනයේ විවිධ ප්‍රදේශවල අදාළ ආයතන එකමුතුවෙන් අනිසි බාහිර බලපෑම් මග හැරීමෙන් විදේශ වෙළඳාම ස්ථාවර වර්ධනයක් දිගටම දක්නට ලැබෙන බව චීන රේගු මහා පරිපාලනයේ නිලධාරියෙක් පැවසීය. අසල්වැසි රටවල් සමඟ චීනයේ ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 5.1 ක් වූ අතර, එය වසරින් වසර 5.1% ක වැඩිවීමක් බව ද පැවසේ.