වසන්ත උත්සව සමයේ චීනයට පැමිණෙන සහ චීනයෙන් පිටවන සංචාරකයන්ගේ වර්ධනයක් අපේක්ෂා කෙරේ

වසන්ත උත්සව සමයේ චීනයට පැමිණෙන සහ චීනයෙන් පිටවන සංචාරකයන්ගේ වර්ධනයක් අපේක්ෂා කෙරේ

එළඹෙන වසන්ත උත්සව සමය තුළ දෛනිකව චීනයේ දේශසීමා හරහා පුද්ගලයින් ගමන් කරනු ලබන වාර සංඛ්‍යාව ලක්ෂ 18.5ක් වනු ඇතැයි අපේක්ෂා කරන බව චීන ජාතික සංක්‍රමණික පාලන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම සංඛ්‍යාව 2024 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 9.5ක වැඩිවීමක් වනු ඇති බව ද‍ ප්‍රකාශ කෙරිණ.

වසන්ත උත්සව නිවාඩු සමය තුළ චීනයට පැමිණීම සහ චීනයෙන් පිටවීම සඳහා වන සියළු මධ්‍යස්ථාන සහ දේශසීමා පරීක්ෂණ සහතික කිරීම සඳහා ජාතික සංක්‍රමණික පාලන දෙපාර්තමේන්තුව මෑතකදී විශේෂ විධි විධාන සකස් කර තිබේ.

ඒ අනුව සංචාරකයන් චීනයට පැමිණීම සහ චීනයෙන් පිටවීම පිළිබඳ ගමන් සැලසුම් සකස් කිරීම සඳහා පහසුකම් සැපයීමට, අදාළ තොරතුරු කාලෝචිත ලෙස නිකුත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව රට පුරා දේශසීමා පරීක්ෂණ ආයතනවලින් ඉල්ලා සිටී.

එමෙන්ම නිවාඩු සමය තුළ මගී ප්‍රවාහන කටයුතු ආරක්ෂිතව මෙහෙයවීම මනාව කළ යුතු බවද චීන ජාතික සංක්‍රමණික පාලන දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *