චීන මාධ්‍ය සමූහයේ 2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ පස්වැනි පෙරහුරුව ඊයේ(14) සාර්ථකව අවසන් විය.
නිර්මාණාත්මක රංගනයන්, ගීත හා නැටුම්, කරණම් කලාවන්, සටන් කලාවන්, නාට්‍ය සහ මැජික් ඇතුළු විවිධ වැඩසටහන් එහිදී දක්නට ලැබිණ. එහි චමත්කාරජනක සහ උත්සවශ්‍රීයෙන් පිරි වාතාවරණයක් විය.
මේ අනුව, පවුලේ එකමුතුව අතරතුර සතුට හා ප්‍රීතිය ප්‍රකාශ කරන මෙම “සංස්කෘතික අලුත් අවුරුදු රාත්‍රී සංග්‍රහය” සූදානම් ව තිබේ. ලොව පුරා සිටින චීන ජනතාව සහ විදේශීය මිතුරන් එක්ව චීන අලුත් අවුරුද්ද පොදුවේ පිළිගනු ඇත.
