ලෝක සාම්ප්‍රදායික වෛද්‍ය සම්මේලනය බෙයිජිං හි දී පැවැත්වෙයි

ලෝක සාම්ප්‍රදායික වෛද්‍ය සම්මේලනය බෙයිජිං හි දී පැවැත්වෙයි

චීන ජනපතිගෙන් සුබ පැතුම්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2024 ලෝක සාම්ප්‍රදායික වෛද්‍ය සම්මේලනයට අද(3) සුබ පැතුම් පණිවිඩයක් යොමු කළේ ය.

එහිදී ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව මිනිස් ශිෂ්ටාචාරයෙන් නිර්මාණය වූ ප්‍රතිඵලයක් බවයි. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව උරුම කර ගත යුතු අතර, කාලය සමග අඛණ්ඩව ප්‍රවර්ධනය කළ යුතු ය. චීනය සෑම විටම නවීන සහ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යා අංශ දෙකම සංවර්ධනය කිරීමට අවධානය යොමු කරන අතර, චීන සහ බටහිර වෛද්‍ය විද්‍යාවල ශක්‍යතාවන් සහ සම්බන්ධීකරණය ද වැඩි දියුණු කරයි.

සියලු රටවල ජනතාවට වඩාත් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ලබා දීම සඳහා, ඒ ඒ පාර්ශ්වයන් සමග, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවට අදාළව අන්‍යෝන්‍ය ඉගෙනුම් හා අගය කිරීම් ශක්තිමත් කිරීමටත්, එය ගෝලීය සෞඛ්‍ය පද්ධතියට පුළුල් ලෙස සම්බන්ධ කිරීමටත් චීනය කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

2024 ලෝක සාම්ප්‍රදායික වෛද්‍ය සම්මේලනය අද(3) බෙයිජිං හිදී ආරම්භ විය. බෙයිජිං නාගරික මහජන රජය, චීන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව, චීන ජාතික සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යා පරිපාලනය එක්ව මෙම සම්මේලනය පවත්වයි. ලෝක සෞඛ්‍ය  සංවිධානය ද එය ඒකාබද්ධව සංවිධාන කරයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *