ලෝක වෙළෙඳ සංවිධානයේ රැස්වීමට එක්වෙමින් චීනය ඇමරිකානු “අන්‍යෝන්‍ය තීරුබදු” කෙරෙහිව දැඩි කනස්සල්ල පළ කරයි

ලෝක වෙළෙඳ සංවිධානයේ රැස්වීමට එක්වෙමින් චීනය ඇමරිකානු “අන්‍යෝන්‍ය තීරුබදු” කෙරෙහිව දැඩි කනස්සල්ල පළ කරයි

ලෝක වෙළඳ සංවිධානයේ භාණ්ඩ වෙළඳාම සඳහා වූ කවුන්සිලයේ මෙම වසරේ පළමු රැස්වීම (9) ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්විණ. එහිදී චීනය, ඇමරිකානු “අන්‍යෝන්‍ය තීරුබදු” හා එහි අහිතකර බලපෑම් කෙරෙහිව දැඩි කනස්සල්ල පළ කළේ ය. ලෝක වෙළඳ සංවිධානය කෙන්ද්‍රීය කර ගත් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය, ගෝලීය වෙළඳාම සඳහා මූලික ආයතනික සහතිකයක් සපයා ඇති බව, චීනය සඳහන් කළේ ය. ඇමරිකානු “අන්‍යෝන්‍ය තීරුබදු” හි බදු අනුපාතය, ලෝක වෙළඳ සංවිධානයේ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියේ තීරුබදු මට්ටමට වඩා බෙහෙවින් වැඩි ය. මෙය ඒකපාර්ශ්වවාදී, ආරක්ෂකවාදී හා ආධිපත්‍ය හැසිරීමකි. ගෝලීය ආර්ථිකයට සහ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට එල්ල වන අහිතකර බලපෑම් වළක්වා ගැනීම සඳහා, ලෝක වෙළඳ සංවිධානයේ නීති ඵලදායී ලෙස අනුගමණය කරන ලෙස චීනය, ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

රැස්වීමට එක් වූ සියලු පාර්ශ්වයන් චීනයේ ප්‍රකාශයට එකඟත්වය පළ කළහ. යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ජපානය ඇතුළු ලෝක වෙළඳ සංවිධානයේ සාමාජික රටවල් 46ක් මෙම න්‍යාය පත්‍රය යටතේ දේශන පැවැත්වීය. යුරෝපා සංගමය පෙන්වා දුන්නේ, ඇමරිකානු “අන්‍යෝන්‍ය තීරුබදු” ක්‍රියාමාර්ග වෙළඳ අසමතුලිතතාවයේ ගැටලුව විසඳීමට උපකාරී නොවන බවයි. බ්‍රිතාන්‍යය, කැනඩාව, ජපානය සහ දකුණු කොරියාව වැනි සාමාජික රටවල්, ඇමරිකානු “අන්‍යෝන්‍ය තීරුබදු” පැනවීමේ ක්‍රියාමාර්ග ජාත්‍යන්තර වෙළඳාමේ පිළිවෙල කඩාකප්පල් කරන බවට විවේචනය කළහ. මෙය ඇමරිකාව ඇතුළු විවිධ රටවල නිෂ්පාදකයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට හානි කරනු ඇතැයි ඔවුහු පැවසූහ. පේරු සහ කසක්ස්තානය ඇතුළු සාමාජික රටවල් පැවසුවේ ඇමරිකානු “අන්‍යෝන්‍ය තීරුබදු” පැනවීම ආර්ථික වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට, විශේෂයෙන් අඩු සංවර්ධිත රටවලට බරපතල බලපෑමක් එල්ල කරන බවයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *