ලෝක උරුම අතරට එක් වූ චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය

ලෝක උරුම අතරට එක් වූ චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය

මේ වසරේ චීන අලුත් අවුරුද්ද නොහොත් චීන වසන්ත උත්සවය ජනවාරි 29 වැනිදාට යෙදී තියෙනවා. චීන අලුත් අවුරුද්ද යුනෙස්කෝ සංවිධානයේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් වූවායින් පසුව පළමු වරටයි නව වසර මෙවර උදා වෙන්නේ. ශ්‍රී ලංකාවේ සිංහල දමිළ අවුරුද්ද හා බො‍හෝ සමානකම් වලින් සමන්විත චීන අලුත් අවුරුද්ද උදා වෙන්නේ චීන මාධ්‍ය සමූහය සංවිධානය කරන නවීන තාක්ෂණයෙන් යුත් අති දැවැන්ත ප්‍රසංගයක් සමගයි.

මේ වසරේ ජනවාරි 28 වැනිදා, චීන අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය උදාවීමට පෙර දිනයේදී චීනමාධ්‍ය සමූහය විසින් පවත්වන “2025 වසන්ත උත්සවකලාත්මක ගාලා” ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් රාත්‍රී 8 ට ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත මුදා හැරුණා. ලොව පුරා200 කට අධික රටවල් සහ කලාපයන්හි මාධ්‍ය ආයතන 3000 කට ආසන්න සංඛ්‍යාවක් ඔස්සේ එය විකාශනය කෙරෙනවා.
වසන්ත උත්සවය චීන ජාතිකයන්ගේ වැදගත්ම සාම්ප්‍රදායික උත්සව වලින් එකක්. පවුලේ සුහදත්වය, ජාතික සමෘද්ධිය, මිනිසා සහ සොබාදහම අතර බැඳීමපිළිබඳ සංස්කෘතික හා ඓතිහාසික මූලාරම්භයන් ඊට ඇතුළත් වෙනවා. එය අස්පෘශ්‍ය සංස්කෘතික උරුමලැයිස්තුවට ඇතුළත් කෙරුණේ පසුගිය වසරේදීයි. අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ලෙසට නම් කරන ලද පළමු වසන්ත උත්සවය සැමරීම සඳහා, මෙවර”වසන්ත උත්සව ගාලා” ප්‍රසංගයට නැටුම් ගැයුම්, ඔපෙරා, සටන් කලාවන් ඇතුළු විවිධාකාර වැඩසටහන් නිර්මාණාත්මකව ඇතුළත් කෙරුණා. සෑම ක්ෂේත්‍රයකම දැඩි කැපවීමෙන් සේවය කරන සාමාන්‍ය චීන ජනතාවඑහි වැඩසටහන්හි ප්‍රධාන චරිත වශයෙන් ආරාධනා කිරීම විශේෂත්වයක්. චීන සංස්කෘතියේ අනන්‍ය චමත්කාරයන්ගෙන් සපිරි “වසන්ත උත්සව ගාලා” ලොව වැඩියෙන්ම නරඹන ලද අලුත් අවුරුදු සංස්කෘතික හා කලාත්මක වැඩසටහන බවට වාර්තා අතරට එක්ව තිබෙනවා.
මෙවර මෙම ප්‍රසංගය “5G+4K/8K+AI” ඔස්සේ විකාශන කටයුතු ක්‍රියාවට නැංවීම ඇතුළු එහි නවතම අනන්‍යතාවන් සමග චීන මාධ්‍ය සමූහයට අයත් CGTN නාලිකාව, භාෂා 82කින් විදේශ රටවල් වෙත මෙවර ප්‍රසංගය විකාශනය කිරීම විශේෂත්වයක්.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *