ලෝක ආර්ථික වර්ධනය සහතික කරන්නැයි චීනය G20 කණ්ඩායමෙන් ඉල්ලයි

ලෝක ආර්ථික වර්ධනය සහතික කරන්නැයි චීනය G20 කණ්ඩායමෙන් ඉල්ලයි

ලෝක ආර්ථික වර්ධනය සහතික කරන්නැයි චීනය G20 කණ්ඩායමෙන් ඉල්ලයි. එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජ්‍ය නියෝජිත Dai Bing මහතා ඊයේ (12) පැවති G20 කණ්ඩායමේ කාර්ය සම්මන්ත්‍රණයේ දී අදහස් දක්වමින් මේ බව පැවසීය.

වර්තමාන ලෝක ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම මන්දගාමී බවත්, ගෝලීය අභියෝග එකින් එක මතුවෙමින් පවතින බවත් Dai Bing මහතා පෙන්වා දුන්නේය. මෙහිදී ලෝක ආර්ථිකයේ ශක්තිමත්, තිරසර සහ සමතුලිත වර්ධනයක් සහතික කිරීම වෙනුවෙන්, G20 කණ්ඩායම එක්සත්භාවය සහ සහයෝගීතාව ශක්තිමත් කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.

දරිද්‍රතාව අඩු කිරීම, ආහාර සුරක්ෂිතතාව සහ අසමානතාව තුරන් කිරීම වැනි ක්ෂේත්‍රවල සහයෝගීතා ශක්තිමත් කිරීම සඳහා, අදාළ සියලු පාර්ශ්ව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද Dai Bing මහතා එහිදී පැවසීය. G20 කණ්ඩායමේ සාමාජිකයන් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතුය. ශක්තිමත් ගෝලීය මූල්‍ය ආරක්ෂණ ජාලයක් ගොඩනගා ගනිමින්, ආර්ථික හා මූල්‍ය අවදානම් තත්ත්ව ඵලදායී ලෙස වළක්වා ගත යුතුය. එසේම, G20 කණ්ඩායම උසස් තත්ත්වයේ ඩිජිටල් සම්බන්ධතාවක් ප්‍රවර්ධනය කිරීම සහ විවෘත,සහභාගීත්ව හා වෙනස් කොට සැලකීමකින් තොර ඩිජිටල් ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ද අඛණ්ඩව පියවර ගත යුතු බව Dai Bing මහතා කියාසිටියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *